Tuesday, June 26, 2018

ගිනි තියම් හදවත


හිතුවක්කාර හදවත්වල
පාට හතේ
දේදුනු
අස්සෙන් වැටෙන
අකුරු හිරිපොද.. 
❤️





හදවත් ආතුර වු කල්හි
යාගයක මහිම හිස් වනු 
නියතය..
හදවතකට අවැසි
ප්‍රේමයේ අනෝරාවම වන්නේය.
.

බෝල් පොයින්ට්
කවීකාරකම්
දග කරයි
විඩාබර හදවත් මස්තකාරූඩව...


කවිකමි නැත්නම්
සත්තයි
මෙලහාකටත්
දහස් ගානක් 
හදවත්  පස් යට
හැංගිලා...


නිමක් නැති අදුරේ
හිමින් පායා
නමක් නැති තරුවක්ව
බැස යමි...
ලොවක් නොදකින 
පාලු දෙනියක
පුංචි තුත්තිරි මලක් වී 
පිපෙමි.

හැම උනුසුම් දවසකම
අයිෆල් 
කුලුනේ උස 
දශම ගානක් 
උස 
වෙනවලු..
දවල් කාලේ එයා
මෙච්චරම 
තටමන්නේ
සීතල රාත්‍රියක
අර ඈත පේන
හද සිපගන්න
වෙන්නැති..
හොදම හදවත්
වලට
දෙවියෝ
දායාදයක් දුන්නලු
ඒ
යාලූකම.

බැරිම තැන 
නුබට
හදවත
උරුම කරනෙමි
මරණ
දඩුවම... 



ඒ ඇස් වෙනුවෙන්ම
තබමි
පුජා දෙවියන්ට 
ලබන 
 ජන්මෙක මුනගැසුනොත්
ඒ හිතට
මේ හිත 
හැර
නොයන්නට...


සමාවෙන්න 
මම
නුබ ගැන 
ලියු
කවිය වැස්සට 
හේදුනා...

පිරිකරයට හදවත ගෙන
ඔබේ
හද ආරාමය
මුල
පිලි ගනීනම්
පුජාව
නුබට -මට
හැකියි
ජිවිතයේ සමාදිය
පාමුල
දොඩමලු වෙන්න..


ඔව් මගේ
හිත 
ජෙට් එකක්...
ඒත්
මම
රැලි නැති සරුන්ගලයක්
හුලං නැති
අහසක..

උඩවැඩියා මල්
පෙති ඉහලා
නුබේ
ජිවිත මාවතේ..
පෙති තැලිලා එහි
පියසටහන් ඇත
කවුරුද ඇවිද ගියේ

මලකඩ කෑ හිත එක්ක
උබ
මොකද
මේ තරම් යුද්ද.
.




15 comments:

එනමුදු සිප ගන්නට තහනම්

     සිප ගන්න  තහනම්ද දෙකොපුල. සයනයේ රැලි කියන රාත්‍රියේ දැගලිල්ල... දුමි ගොටුවක පා වුන...