Saturday, June 30, 2018

දෙයියෝ කෝප කල කවී

දෝරේ ගලන භක්තිය.

 දෙවියෝ රවට්ටන්නත්
21වන සියවසේ අපිට පුලුවන්...
....................................................................................................

 Mr.කපූ..

රාත්‍රියේ ආරුඩ
වු කපුවාට
උදැසන
ත්‍රීසූලයේ ගැසූ
දෙහි යුශ
පූජාව..



.....................................................................................................
නුතන බැතිමත්තූ

යාචකයන්ට
කාසි
දෙයියන්ට
නෝට්ටු
වෙන් කරන
බැතිමත්තූ.



....................................................................................................
රවටමු දෙවියෝ...

අමු පලතුරු
රස බව
දෙවියෝ
උබලට
කියන්න කිවා..

....................................................................................................


ලේ රත් වුන බැතිමතුන්..

කපුවාට කලින්
ආරූඩ
භක්තිය...



.................................................................................................



කඩා වැටෙයී..

මේදා පොටේ
අපිට හෙල්ප්
කරන්න ගොහින්
දෙවාලේ
දෙවියන්ගේ
ඉහටම කඩා
වැටිලලූ...

....................................................................................................



සිල්ලර කාසී...

කාසී පෙට්ටිය
පිරිලා නිසා
දෙයියෝ
ටුවර් එකකට
රේඩී වෙනවලු..



.............................................................................................


වට්ටි

ලොකු වට්ටියි
නොට්ටුවයි
ඇත්නම්
සත්තයි
ඇබිත්තයා
කොන්දොස්තර
වෙනවා...

.........................................................................................

පුජාව

සුදු ඇදපු
මම
රතු ඇදපු
පූසාරි..

.........................................................................................
මාල

කාසි
ගෙතු මලයක්
දෙයියන්ට
තැග්ගක්...

1 comment:

එනමුදු සිප ගන්නට තහනම්

     සිප ගන්න  තහනම්ද දෙකොපුල. සයනයේ රැලි කියන රාත්‍රියේ දැගලිල්ල... දුමි ගොටුවක පා වුන...